FAST NEWS

24×7 Around the Globe

රුසියාවට එරෙහි බුද්ධී අංශ චෝදනා ට්‍රම්ප් විශ්වාස කරයි..

ඇමෙරිකානු ජනපතිවරණයේදී රුසියාව ඩිමොක්‍රටික් පක්ෂයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ බවට ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා  විශ්වාස කරන බව ට්‍රම්ප් මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස් මහතා සඳහන් කළ බව මාධ්‍ය වාර්තා පවසයි.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකා බුද්ධි අංශ ලබා දුන් වාර්තාව  නව ජනාධිපතිවරයා පිළිගන්නා බවත් ඊට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගන්නා බවත් ප්‍රීබස් මහතා සඳහන් කර  අැත.

මෙම සිදුවීම රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් මහතාගේ අනුදැනුම ඇතිව සිදුවූවාද යන්න ඇමරිකාවේ නව ජනාධිපතිවරයා එකඟ වූ බවක් ඔහු පැහැදිලිව සඳහන් කර නැත..

ඩිමොක්‍රටික් පක්ෂයේ ඊමේල් අනවසරයෙන් ලබාගත් බවට රුසියාවට එල්ල වූ චෝදනා ට්‍රම්ප් මහතාගේ කණ්ඩායම විසින් පිළිගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙය වන අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම රුසියාවට එල්ල වූ චෝදනා ට්‍රම්ප් මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

ට්‍රම්ප්  පැවසුයේ එම සිදුවීම පිටුපස චීනය හෝ වෙනත් රටක් සිටි බවකි.