FAST NEWS

24×7 Around the Globe

සීමා නිර්ණය වාර්තාව ගැන අගමැති හා පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක්..

සීමානිර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතුව පක්ෂ නායක සාකච්ඡාවක් මේ වන විට පාර්ලිමේන්තුමේදී ආරම්භ වී තිබේ.

මෙම වාර්තාවට මේ වනවිට කමිටු සාමාජිකයින් පස්දෙනාගෙන් හතරදෙනෙකු අත්සන් තබා ඇත.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා වන ඒ.එස්.එම්.මිස්බා එම වාර්තාවට මෙතෙක් අත්සන් කර නැහැ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී ඇති රැස්වීමට සියලුම පක්ෂ නායකයින් මෙන්ම පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි සහ සීමා නිර්ණ කමිටු සාමාජිකයින් එක්ව සිටිති.

එසේම හෙට (10) දිනයේ යළි අදාළ කමිටු වාර්තාව පළාත්පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත භාර දීමට නියමිත බවද වාර්තා වේ.