FAST NEWS

24×7 Around the Globe

සරත් කුමාර ගුණරත්න යළි රිමාන්ඩ්…

 

මීගමුව කළපු සංවර්ධන ව්‍යාපෘති මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සරත් කුමාර ගුණරත්න මහතා පසුගිය 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය අදාළ නඩුව අද(09) යළි කැඳවූ අවස්ථාවේ සරත් කුමාර ගුණරත්න මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා අදාළ රෝග විනිශ්චය වාර්තා අපහැදිලි සහ එම ලේඛන කියවීමට අධිකරණයට ප්‍රවීනත්වයක් නොමැති බව ප්‍රකාශ කලේය.

ඒ අනුව  එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදි.