FAST NEWS

24×7 Around the Globe

පසුගිය වසරේ ටින් මාළු ආනයනය 16.2‍% කින් පහළට…

 

මෙරටට ටින් මාළු ආනයනය කිරීම පසුගිය වසරේදී සියයට 16.2කින් පහත වැටී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

පසුගිය 2016 වසරේ ප‍්‍රගතිය පිළිබඳ සිදු කරන ලද සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව අනාවරණ කලේය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ 2016 වසරේදී මෙරටට ආනයනය කර ඇති ටින් මාළු ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් විසිනව දහස් නවසිය අනූ හතරක් (29,994) වන බවයි.

ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන හත්දහස් අටසිට අසූපහක්(7885) වන අතර 2015 වසරේදී ටින් මාළු ආනයනය සඳහා ශ‍්‍රී ලංකාව වැයකර ඇති මුදල රුපියල් මිලියන අටදහස් හයසිය දහනවයක් (8619) වේ.