FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මර්දනය ගැන ජාතික ප්‍රතිපත්තිය රාජිතට බාරදෙයි…

 

ඩෙංගු මර්දනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා වෙත බාරදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ රැස්වීමක් පැවැති අතර එහිදී මෙම ජාතික ප්‍රතිපත්තිය ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත  තිසේරා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාරදී තිබේ.

ඩෙංගු රෝගය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපෑමක් ඇති කරන ප්‍රධාන වසංගත රෝගයක් බවට පත්ව තිබේ.

ඩෙංගු රෝගීන් රැකබලා ගැනීම සඳහා ප්‍රතිකාර අංශය ශක්තිමත් කිරීම මෙන්ම මදුරු මර්දන කටයුතු ශක්තිමත් කිරීම ද වඩාත් වැදගත් කාර්යය භාරයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඒ සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් විශේෂ තාක්ෂණික කමිටුවක සහභාගීත්වයෙන් ක්ෂේත්‍ර අත්පොතක් ද සම්පාදනය කර තිබේ.

මෙම අත්පොත ක්ෂේත්‍ර තුළදී මදුරු අවේක්ෂණ හා මදුරු මර්දනයට අදාළ සියලුම තාක්ෂණික උපදෙස් අන්තර්ගත කරමින් සකස් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.