FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතනයේ පරීක්ෂණවල ප්‍රගතිය ගැන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රශ්න කරනවා…

 

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රශ්න කරන බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද(08) පෙරවරුවේ පැවැති ලසන්ත වික්‍රමතුංග ගුණානුස්මරණ උත්සවයට සහභාගී වෙමිනි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ 8 වන ගුණානුස්මරණ උත්සවය අද(08) පැවැත්වුණේ බොරැල්ල පොදු සුසානභූමියේදීය.

කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් උත්සවයට දේශපාලනඥයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ ලසන්ත වික්‍රතුංග මහතාගේ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වී 8 වසරක් ගත වුවද එම පරීක්ෂණවල ප්‍රගතියක් පෙන්නුම් නොකරන බව එහිදී අදහස් දැක්වූ සිවිල් සහ දේශපාලන නියෝජිතයන් චෝදනා කරන ලදි.