FAST NEWS

24×7 Around the Globe

තිරසර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නංවනවා…

 

තිරසර යුගයක තෙවසර ඇරඹුම සමාරම්භක උත්සවය අද(08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහ අමාත්‍ය චන්ද්‍රබාබු නායිදු යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇත්තේ සම්මුතීන්ට හා එකඟතාවයන්ට වඩා ආධ්‍යාත්මක බැදීමක් බවයි.

ශ්‍රී ලංකාව අලුත් ආණ්ඩුව තුළින් මිත්‍රත්වය ගොඩනගා ගෙන ඇති බව හා මේ වසර දුඟී බවින් නිදහස් විය යුතු වසරක් බැවින් මේ සඳහා තිරසර සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නංවන බවත් ජනාධිපතිතුමා පැවැසීය.

එමෙන්ම දුඟීබව නැති කිරීමේ ජාතික ව්‍යාපාරය මේ වසරේ ආරම්භ කරන බවත්,  ආහාර,අධ්‍යාපනය,සෞඛ්‍ය  අංශ එහි මුලික අංග බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ කොළඹ ,හම්බන්තොට මෙන්ම ත්‍රිකුණාමලය මේ ආණ්ඩුව තුළින් සංවර්ධනය කිරීමට හැකිවී තිබෙන බවයි.

තවදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ  ජනතාව අතර ඇති ආකල්ප වෙනස් කර රටේ සාමය ,සංවර්ධනය හා සංහිඳියාව ඇති කිරීමට එක් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

මෙහිදී  ගම්මාන 15000 ක් නගා සිටුවීමේ ශ්‍රම ශක්ති වැඩ සටහනෙහි ශ්‍රම ශක්ති වෙබි අඩවිය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.