FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට කලහකාරීව හැසිරුණු 52ක් අත්අඩංගුවට…

 

හම්බන්තොට ආයෝජන කලාපය තුළ අද(07) දිනයේ විරෝධතාවයේ යෙදී පොදු දේපලවලට හානි කළ බව කියන පුද්ගලයින් 52ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ඊයේ(06) ලබා දුන් නියෝග නොතකමින් අධිකරණ නියෝග කඩ කළ තවත් පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවද  පොලිසිය පැවසීය.

හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා යෝජිත කර්මාන්ත පුරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම දින 14කට තහනම් කරමින් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (06) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඡායාරූප පහතින්..

 කලහකාරීව හැසිරුණු 52ක් අත්අඩංගුවට ගනියි