FAST NEWS

24×7 Around the Globe

උතුරු මැද පළාතේ විදුහල්පතිවරු 400 කට ස්ථාන මාරු…

එකම පාසලක අවුරුදු පහක සේවා කාලයක්  සපුරා ඇති  උතුරු මැද පළාතේ  පාසල්වල විදුහල්පතිවරුන් 400 කට  ස්ථාන මාරුවීම්  ලබාදුන් බව එම පළාත්  අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විදුහල්පති  මාරුවීම් වලට  අදාල ලිපි  මේ වන විටත්  විදුහල්පතිවරුන්ට යවා  ඇතැයි  උතුරුමැද ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්  ඩබ්ලිව්. ටී.අනෝමා  මානෙල්  මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.