FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි අලෙවි නියෝජීත වර්ජනය අවසන් කෙරේ…

ලොතරැයියක මිල රුපියල් 30 දක්වා ඉහළ දැමීමට විරෝධය පළ කරමීන් ලොතරැයි අලෙවි නියෝජිතයන් ලොතරැයි අලෙවියෙන් ඉවත්ව ක්‍රියාත්මක කළ වර්ජනය නතර කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය පැවසීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අලෙවි නියෝජිත සංගමයේ නියොජිත පිරිසක් අද (05) පැවැත්වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව සිකුරාදා (6) සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවිය සිදුකරන බවත් තමන්ගේ කොමිස් මුදල් සම්බන්ධ ගැටලුවට ජනපති මැදිහත්වී ඉදිරියේ දී විසඳුමක් ලබාදෙන බව පැවසූ බවත් එම සංගම වැඩි දුරටත් සඳහන් කළේය.