FAST NEWS

24×7 Around the Globe

කොසෝවෝ හිටපු අගමැති ප්‍රංශයේදී අත්අඩංගුවට ගැනේ..

කොසෝවෝ රාජ්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය රමූෂ් හර්දිනාජ් යුද අපරාධ චෝදනා මත ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි..

දැනට කොසෝවෝහි විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන හර්දිනාජ් නැගෙනහිර ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සර්බියාව විසින් ඔහුට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර තිබූ අතර මීට පෙර අවස්ථා දෙකකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද ඔහුට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර තිබුණි.

එහෙත් එම අවස්ථා දෙකේදීම ඔහුට නිදහස හිමිව තිබේ.

කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම පිළිගත නොහැකි බව කොසෝවෝ විදේශ අමාත්‍යවරයා පවසයි.