FAST NEWS

24×7 Around the Globe

කැලණිමුල්ලේ රත්තරං නොහොත් සුරංගට වෙඩි..

අංගොඩ -කැලණිමුල්ල ප්‍රදේශයේදී පාතාල සාමාජිකයෙකු බවට සැකකෙරෙන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසීය පවසයි.

අදාළ පුද්ගලයා කැලණිමුල්ල ප්‍රදේශයේ සිට අංගොඩ ප්‍රදේශයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පැවසේ.

අංගොඩ ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මුදියන්සේලාගේ සුරංග කුමාර නොහොත් රත්තරන් යන නාමයෙන් හදුන්වන 36 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇති බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අංගොඩ පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.