FAST NEWS

24×7 Around the Globe

රථ වාහන දඩ පත්‍රිකාව සංශෝධනය කර කෙටුම්පත් කර අවසානයි..

රථ වාහන වැරදි සඳහා වන දඩ පත්‍රිකාව සංශෝධනය කර කෙටුම්පත් කර අවසන් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

එම කෙටුම්පත පෞද්ගලික බස් ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබද සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව එම අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ අදාළ මණ්ඩලය ලබන 09 වනදා රැස්වීමට නියමිත අතර එම මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කෙටුම්පත් කරන ලද සංශෝධිත දඩ පත්‍රිකාව පෞද්ගලික බස් හා ත්‍රිරෝද රථ සංගම් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතම පැවසීය.

අදාළ සංගම්වල මෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් අදාළ සංශෝධිත කෙටුම්පත සකස් කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.