FAST NEWS

24×7 Around the Globe

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන බදු නොගෙවු කඩ යළි පවරා ගැනේ..

මාසික කුලී මුදල ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් බදු ගිවිසුම් අහෝසි වී ඇති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අයත් කඩකාමර 150ක් පැය 24ක් ඇතුළත බාර දෙන ලෙස දඹුල්ල ප්‍රදේශීය ලේකම් ලෂ්මි හේවාපතිරණ මෙනවිය එම වෙළෙන්දන්ට ලිඛිතව දැනුම්දී ඇති බව වාර්තා වේ.

එම කඩකාමර නීතිවිරෝධී ලෙස පවරා ගැනීමට ඉඩ නොදෙන බවත්, මෙය රජය අපහසුතාවට පත්කිරීම සඳහා නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.