FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීපාල සිරිසේනට අසනීප වු කතාව අසත්‍යයි..

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසනීප වී ඇති  බවට ඇතැම් වෙබ් අඩවි කරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ජනපති ලේකම් කාර්යාලය සඳහන් කළේය.

අසනීප වීම හේතුවෙන් ජනපතිවරයා සිය යාපනයේ සංචාරයද අවලංගු කළ බවට තොරතුරු වාර්තා වුවත් ජනපතිවරයාට රාජකාරී බහුල වීම හේතුවෙන් එම සංචාරය අවලංගු කර ඇති බවද එම ප්‍රකාශකයා පැවැසීය.

එසේම යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුව කොළඹදී අද (04)සවස පැවැත්වීමට නියමිත බවත් තොරතුරු වාර්තා වෙයි.