FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්ද ව්‍යාපෘතියේ ජලය පිරවීමේ ජනවාරී 11 වැනිදා..

මොරගහකන්ද ව්‍යාපෘතියේ ජලය පිරවීමේ කටයුතු ජනවාරී 11 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජල ව්‍යාපෘතියේ අධ්‍යයන චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (03දා) මේ බව සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය හරහා රජරට ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු සියලු ජල අවශ්‍යතා සපුරාලීමට අපේක්ෂිත බවත් ඉහළ ඇළහැර ව්‍යාපෘතිය හා වයඹ ගොවි ජනතාවට ජලය රැගෙන යන වාරි ඇළ ඉදිකිරීමේ සමාරම්භක කටයුතුද ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිත බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 1200 ක වියදමින් ඉදිකෙරෙන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය වර්ග කිලෝමීටර් 29.5 ක වපසරියක ජලධාරිතාවකින් යුක්ත වන අතර, එහි සිට රජරට ප්‍රදේශයට ඉදිවන ඇළ මාර්ගය කිලෝමීටර් 102 ක දිගින් යුක්ත අතර එය මහකනදරාව වැව දක්වා ඉදිකිරීමට යෝජිතය.