FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම අධිවේගයට ඇමති කිරි ඇල්ල ජනතා සහාය පතයි..

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය ශ‍්‍රී දළදා වහන්සේ වැඩ සිටින නගරයට ගමන් ගන්නා මාර්ගයක් බවත්, එම මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනතා සහාය අවශ්‍ය බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවන ජනතාවගේ ගැටලු නිරාකරණය කොට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින්  ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී  පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවන ජනතාවට බලපා ඇති ගැටලු විමසමින් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරුණු අතර, ඒ අනුව ඉඩම් අහිමිවූවන්ට සාධාරණ ලෙස කඩිනමින් වන්දි ගෙවා අවසන් කිරීමට මෙහිදී තීරණය විය.