FAST NEWS

24×7 Around the Globe

එජාපයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද..

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (04දා) පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත් වීමට නියමීත බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

2017 වසරේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලෙස පැවැත්වෙන මෙම රැස්වීමේදී මේ වසර තුළ පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

මීට අමතරව ඉදිරිපළාත් පාලන මැතිවරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව වැඩි දුරටත් සඳහන්..