FAST NEWS

24×7 Around the Globe

චීනයේ සිට ලන්ඩන් නුවර දක්වා දුම්රිය සේවාවක් ඇරඹේ..

චීනයේ සිට එංගලන්තයේ ලන්ඩන් නගරය දක්වා භාණ්ඩ ප‍්‍රවාහන දුම්රිය සේවාවක් ආරම්භ කර අති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම දුම්රිය සේවාව නැගෙනහිර චීනයේ ෂේජියෑං වෙළෙඳ නගරයේ, යිවූ සිට ලන්ඩන් නගරය දක්වා සැතපුම් 7,500ක් පමණ දුර (කිලෝමීටර් 12,000ක්) මෙම දුම්රිය ගමන් කිරීමට නියමිතය.

ඒ සඳහා දින 18ක් පමණ ගත වන බවද සඳහන්.

චීනයේ සිට කසකස්ථානය, රුසියාව, බෙලරූස්, පෝලන්තය, ජර්මනිය, බෙල්ජියම හා ප‍්‍රංශය හරහා මෙම දුම්රිය ලන්ඩන් නගරයට ළඟා වනු ඇත.