රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා රජය සැලසුම්කර ඇති “තිරසර යුගයක ආර්ථික සංවර්ධන සැලැස්‌ම” අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (4 දා) ප්‍රකාශයට පත් කිරීමට නියමීත වේ.
අරලියගහ මන්දිරයේ දී අද සවස පැවැත්වෙන විශේෂ උත්සවයක දී ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික සැලැස්‌ම “බලගතු ශ්‍රී ලංකාවක් සැලැසුම් සහගත ගමනක්,කාටත් යමක් කමක් ලැබෙන ආර්ථිකයක්” මැයෙන් නම්කර තිබේ.
මේ යටතේ දැවැන්ත ආර්ථිකයකට මුලපුරන සැලැස්‌ම ප්‍රධාන ආර්ථික කවුළු දෙකක් (2) සහ එක් උප ආර්ථික කවුළුවක් යටතේ ක්‍රියාවට නැංවීමට නියමිතය.
ඒ අනුව බස්‌නාහිර, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත් ආවරණය වන පරිදි නිරිතදිග ආර්ථික කවුළුවත්, උතුරු මැද, උතුර සහ නැගෙනහිර ආවරණය වන පරිදි ඊසාන දිග ආර්ථික කවුළුවත් නුවරඑළිය, සහ බදුල්ල යන දිස්‌ත්‍රික්‌ක ආවරණය වන පරිදි උප ආර්ථික කවුළුවක් ලෙස කඳුරට ආර්ථික කවුළුවක් ස්‌ථාපිත කිරීමට සැලසුම්කර තිබේ.
මෙම සංවර්ධන සැලැස්‌ම යටතේ ජනතාවගේ ආදායම් මට්‌ටම ඉහළ දැමීම, සියලු දෙනාට රැකියා සහ නිවාස ලබාදීම, සමස්‌ත ජනතාවගේම ජීවන තත්aත්වය වැඩිදියුණු කිරීම ඇතුළු ජනතාවට ආර්ථික හා සමාජ ප්‍රතිලාභයන් රැසක් අත්කර දීමට සැලසුම් කර ඇත.