අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ දී විශේෂ ප‍්‍රකාශයක් කළා. මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැදුම්කර නිකුතුව සහ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු කෝප් අතුරු කමිටුව සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා එහිදී අදහස් දැක්වුවා.
රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ විධිමත් පරික්‍ෂණයකින් අනතුරුව චෝදනා ඔප්පු වන්නේ නම් අදාල බැදුම්කර ගනුදෙනුව අවලංගු කිරීමට කටයුතු කරන බවයි.
ඉදිරි පාර්ලිමේන්තුවේ දී මාස 03 ක් ඇතුළත තේරීම් කාරක සභාවක් මගින් වැඩිදුර පරික්‍ෂණ සිදුකරන බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.







