FAST NEWS

24×7 Around the Globe

විග්නෙෂ්වරන්ගේ මහ ඇමති ධුරයට පොන්නතුරෙයි දිව්රුම් දෙයි..

වැඩබලන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පොන්නතුරෙයි අයින්ගරනේෂන් මහතා අද(03) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා කැනඩාවේ විදෙස් සංචාරයක බලා පිටත්වූ බැවින් ඒ සදහා ඇතිවන පුරප්පාඩුව පිරවීම සදහා උතුරු පළාත් කෘෂිකර්ම, ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජල සම්පාදන, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, පරිසර සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය පොන්නතුරෙයි අයින්ගරනේෂන් මහතා අද(03) වැඩබලන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.