FAST NEWS

24×7 Around the Globe

රුසියානු තානාපති කාර්ය මණ්ඩලය ඔබාමාගේ නියෝගයෙන් ගෙදර යයි..

ඇමෙරිකාවේ සේවයේ යෙදී සිටි රුසියනු තානාපති කාර්ය මණ්ඩලයට ඉවත් වන ලෙස හිටපු ජනපති බැරැක් ඔබාමා කළ නියෝගයට අනුව ඔවුන් සියලු දෙනා රුසියාව බලා පිටව ගොස් ඇතැයි එම තානාපති කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය නොවැම්බර් මස පැවති ජනපතිවරණයට ඉදිරිපත්ව සිටි ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක හිලරි ක්ලින්ටන්ගේ පෞද්ගලික වෙබ් අඩවිය ඔවුන්ගේ පරීක්ෂාවට ලක් කිරීමේ වරදට ඔබාමා මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

රුසියානු තානාපති කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල්වල සියලු දෙනා ද එක් ගුවන් යානයක් මගින් ඇමෙරිකාවෙන් පිටව ගොස් ඇත්තේ නව අවුරුදු උදාවත් සමග වොෂිංටන් ගුවන් තොටුපළින් බව රුසියාවේ ප්‍රධානතම පුවත් සේවය වන ටාස් පුවත්පත සඳහන් කර තිබේ.

ඔබාමා මෙම නියෝගය මගින් කර ඇත්තේ පැය 72ක් තුළ මෙම සිද්ධියට සම්බන්ධ සියලුදෙනා ඇමෙරිකාවෙන් පිටවිය යුතු බවය.

ඇමෙරිකාවෙන් තම දූත පිරිස ඉවත් කෙරුණ ද තමා එවන් දෙයක් ඇමෙරිකානු දූත පිරිසට නොකරන බව රුසියානු ජනපති සඳහන් කර ඇති අතර ඒ වෙනුවට තමා සබඳතා තර කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවද පුටින් පවසා ඇත.