FAST NEWS

24×7 Around the Globe

රට පුරා දුම්රිය හරස් මාර්ගවල පවතින බම්බු ගේට්ටු ඉවත් කෙරේ…

රට පුරා දුම්රිය හරස් මාර්ගවල දැනට පවතින බම්බු ගේට්ටු 670 වෙනුවට සිනුව සහිත විදුලි ගේට්ටු සවිකිරීමට මේ වසරේ දී පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරි බි. ඒ. පි. ආරියරන්ත මහතා පවසයි.

එ අනුව පළමු අදියරයේ දී රට පුරා පවතින බම්බු ගේට්ටු සහිත ස්ථාන 200 ක් තෝරාගෙන එම ස්ථානවලට සිනුව සහිත විදුලි ගෙට්ටු සවි කිරීමට නියමීත බව හෙතෙම පවසයි.

ඉතිරි ස්ථානවලට ද වසර තුනක් ඇතුළත සිනුව සහිතව විදුලි ගේට්ටු සවි කිරීමට නියමිත බවත් ඔහු අවධාරණය කරයි.

දුම්රිය මාර්ගයේ ගමන් කිරීමෙන් වසරකට 360ක් පමණ මියයන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.