FAST NEWS

24×7 Around the Globe

වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට හෙට මුල්ගල තැබේ..

යහපාලන ජාතික රජයේ 2017 වසර සඳහා වන ආයෝජන සහ සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කරමින් හෙට (03) කුලියාපිටිය වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සහ තුල්හිරිය නව ආයෝජන සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

ලෝකයේ 61 වැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ සමාරම්භක කටයුතු පස්වරු 3.30ට කුලියාපිටිය ලබුයාය මහනුගලන්ද වත්තේදී සිදුකිරීමට නියමිතය.

යහපාලන ජාතික රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම කර්මාන්තශාලාව හරහා රැකියා විශාල සංඛ්‍යාවක් ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

මේ අතර තුල්හිරිය නව ආයෝජන සංකීර්ණය හෙට (03) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතය.