FAST NEWS

24×7 Around the Globe

අධිකරණ වරෙන්තුවකින් හිටපු නි.අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට ගැනේ..

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාව අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කළපු සංවර්ධන මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ සිද්ධියකට අදාළව ඒ මහතාට එරෙහිව පසුගියදා වරෙන්තු නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත් එ මහතා අද (02) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.