FAST NEWS

24×7 Around the Globe

ඇන්ටෝනියෝ ගුටේරෙස් එ.ජා මහ ලේකම් ලෙස වැඩ අරඹයි..

ඇන්ටෝනියෝ ගුටේරෙස් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මහලේකම්වරයා ලෙස සිය ධුරයේ රාජකාරී කටයුතු ඊයේ (01දා) නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

ඔහු මහ ලේකම් ලෙස පසුගිය 12දා දිවුරුම් දුන් අතර හිටපු මහ ලේකම් බැංකි මූන් මහතාගේ ධුර කාලය පෙරේදා (31දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීම හේතුවෙන් ගුටේරෙස් සිය තනතුරේ වැඩ බාරගත්තේය.

වසර පහක ධුර කාලයක් සඳහා පළමුවරට පත්වූ නව මහලේකම්ට අභියෝග රාශියක්  පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එ අනුව ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස, සිරියා අර්බූදය, දකුණු සුඩාන අර්බූදය, ලිබියා අර්බූදය ප්‍රමුඛ වෙයි.