FAST NEWS

24×7 Around the Globe

ලොතරැයි අලෙවිය නවක තරුණ තරුණියන් අතට – මුදල් ඇමති කියයි…

 

ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට අලෙවි නියෝජිතයන් සූදානම් නොමැති නම්, එම අවස්ථාව නවක තරුණ තරුණියන්ට ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවැසීය.

කොළඹ අද(01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ මෙලෙස ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ලොතරැයි අලෙවි නියෝජිතයින් උද්ඝෝෂණවල නිරතවීම කිසිසේත් අනුමත නොකරන බවයි.

ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට තීරණය කළේ ජනතාවට ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කලේය.