FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීම උදෙසා විදුලිබල මණ්ඩලයෙන් අමාත්‍යාංශයට ලියුමක්…

 

ඉදිරියේදී එළැඹිය හැකි නියං කාලගුණය නිසා විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇති බැවින් ඉන් ගැලවීමට පෞද්ගලික බලාගාරවලින් මෙගා වොට් 60ක විදුලි මිලදී ගැනීමක් කළ යුතු බව දන්වා විදුලිබල මණ්ඩලය විසින් විදුලිබල අමාත්‍යාංශය වෙත ලිපියක් මගින් දන්වා ඇතැයි සඳහන් වේ.

එසේම ඊට අමතරව තවත් පෞද්ගලික බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් අලුත් කරන ලෙසද ඉල්ලා එම ලිපි මගින් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් අදාළ ලිපිය මේ වන විට විදුලිබල අමාත්‍යාංශයට ලැබී ඇති අතර එය සිදුකරනවාද නැද්ද යන්න  තීරණය කර ඉදිරියේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට පෙර මෙවැනිම මිලදී ගැනීමක් සිදුකිරීමට ගොස් එය මහජන උපයෝගිතා කොමිසම මගින් නවත්වා දමා තිබිණි.