FAST NEWS

24×7 Around the Globe

දඩයකින් තොරව වාහන පැවරීම සදහා ලබාදී තිබූ සහන කාලය අදින් අවසන්…

 

දඩ අය කිරීමකින් තොරව වාහන පැවරීම සදහා ලබා දී තිබූ සහන කාලය අදින් අවසන් වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සදහන් කළේ ඒ සදහා නැවත සහන කාලයක් ලබා නොදෙන බවයි.

තමන්ගේ නමට ලියාපදිංචි කර නොගත් වාහන ලියාපදිංචි කර ගැනීම සදහා වාහන හිමිකරුවන් උනන්දු කරලීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අදාළ සහන කාලය ලබාදෙන ලදි.

දැනට පවතින නීති රීති වලට අනුව වාහන ගණුදෙනුවක් සිදුවී දින 14 ක් ඇතුළත එම වාහනය නව හිමිකරුගේ නමින් ලියාපදිංචි කළ යුතුයි.

කෙසේ වෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ අදින් එම සහන කාලය අවසන් වන අතර, ප්‍රමාද වී ලියාපදිංචි කිරීම් සදහා දඩ මුදලක් ද අය කරන බවයි.