FAST NEWS

24×7 Around the Globe

‘යළි ජනපති වීමේ අදහසක් නැහැ- 2017 දී වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම අරමුණයි’…

 

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත්,වර්තමාන දේශපාලන තත්ත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරි කාලය තුළ වෙනස්විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසීය.

මෙරට සිටින විදෙස් මාධ්‍යවේදීන් සමඟ සම්මුඛ සාකච්ඡාවකට ඊයේ (29) එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ 2017 වසරේදී වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බවයි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර වර්තමානය වනවිට ගැටුම් ඇතිවෙමින් පවතින බවත්, එය රටේ ඉදිරි ගමනට බාධාවක් බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කරන ලදි.

විදෙස් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි බවද එහිදී ඔහු සඳහන් කර තිබේ.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ අගමැති පදවියට පත් කෙරුණහොත් එක්ව වැඩ කළ හැකිද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකි නම් 1970 වර්ෂයේ සිට හොඳින් හඳුනන පුද්ගලයෙකු සමඟ තමන්ට වැඩ කළ හැකිය යන්නයි.