FAST NEWS

24×7 Around the Globe

සිරියාව පුරා සටන් විරාමයක් ඇරඹෙයි…

 

සිරියානු රජය සහ එරට කැරලිකාර කණ්ඩායම් අතර, රට පුරා සටන් විරාමයක් ඊයේ(29) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ විය.

මෙම සටන් විරාමය සම්බන්ධීකරණය කළේ රුසියාව සහ තුර්කිය වන අතර ඔවුන් එහි සාක්ෂිකරුවන් ලෙස ද පෙනී සිටියී.

ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට එරෙහි කැරලිකාර කණ්ඩායම් සියල්ලම පාහේ මෙම සටන් විරාමයට එක්ව සිටින අතර, අයි.එස්.සහ කුර්දි වයි.පී.ජී. වැනි ජිහාද් සටන් කණ්ඩායම් ඊට ඇතුළත් වන්නේ නැත.

මෙම සටන් විරාමය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට හැකිවුවහොත් මසක් ඇතුළත කසකස්ථානයේදී සාම සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

2011 වසරේදී ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට එරෙහි ජනතා නැගී සිටීමත් සමග ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මේ වනවිට තුන් ලක්ෂයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර අවතැන්වූ සංඛ්‍යාව මිලියන 4 කට ආසන්නය.