FAST NEWS

24×7 Around the Globe

ඊසාන දිග මෝසම් තත්වය නිසා අදත් පළාත් කිහිපයකට වැසි…

 

ඊසාන දිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බැවින් අද(30) දිනයේදීත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

ඒ අනුව, දකුණ, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙන්ම, හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

එමෙන්ම වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං තත්වයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කලේය.