FAST NEWS

24×7 Around the Globe

ජනපතිට හා අගමැතිට මරණ තර්ජන කළ තරුණයා යළි රිමාන්ඩ්..

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂනායකවරයාට මරණ ෆේස්බුක් සමාජ ජාල අඩවිය ඔස්සේ තර්ජන සිදුකළ බවට අත්අඩංගුවට ගත් තරුණයා හෙට (30) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

අදාළ හඬපටය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය වෙත දැනුම්දී දුන්නේය.

එම හඬපටය ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ඇත්තේ කටාර් රාජ්‍යයේ සිට බවත්, තවත් රටවල් කිහිපයක සිට ද විවිධ පුද්ගලයින් එම හඬපටයම ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර ඇතැයි ද රහස් පොලීසිය දැනුම් දී ඇති අතර කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු හෙට දක්වා රිමාන්ඩ් කර ඇත.