FAST NEWS

24×7 Around the Globe

ජයලලිතා ජයරාම්ගේ ස්ථානය සසිකලා නටරාජන්ට…

ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් හිස් වූ තමිල්නාඩුවේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් ධුරය සසිකලා නටරාජන් වෙත හිමිව ඇති බව වාර්තා වේ.

දශක තුනකට අධික කාලයක් ජයලලිතා සමග සමීප ඇසුරක් පැවැත්වීම නිසා චින්නම්මා හෙවත් පුංචි අම්මා යන අනවර්ථ නාමයෙන්ද (ජයලලිතා අම්මා යනුවෙන් හැඳින්වීය) තමිල්නඩු වැසියන් සසිකලා ඇමතීය.

ජයලලිතා සහභාගී වූ බොහෝ පොදු වැඩවලදී හා දැවැන්ත මහජන රැළිවලදී ඇයගේ සමීපයේම රැඳී සිටි සසිකලා, ගසට පොත්ත මෙන් ජයලලිතා සමග බැඳී සිටියාය.

එහි විශේෂත්වය නම් ඉන්දියාවේ දකුණු දිග ප්‍රාන්තය පසුගිය දශක හතරක කාලය තුළ වසර 25කට අධික කාලයක් පාලනය කරන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ සුක්ඛානම දැරීමේ අවස්ථාව සසිකලා වෙත හිමිවී ඇත.