FAST NEWS

24×7 Around the Globe

පස්වරුවේ අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය වෙනුවට විකල්ප භාවිත කරන්න..

කොස්ගම පොලිස් වසමේ කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගංගාරෝහණ මහා පෙරහර අද (29) වීථි සංචාරය කරන බැවින් පස්වරු 5.00 සිට පස්වරු 11.00දක්වා අවිස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මූලස්ථානය මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 ඒ අනුව කොළඹ සිට අවිස්සාවේල්ල දෙසට ගමන් ගන්නා වාහන කොස්ගම සාලාව හන්දියෙන් වමට ඇති අකරවිට මාර්ගයේ බොල්ලතාව, මානකඩ හරහා ඇස්වත්ත මාර්ගයේ පැමිණ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ග දක්වාත්, අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන තුන්මෝදර හන්දියෙන් වමට ඇති වග මාර්ගය හරහා කලුඅග්ගල හන්දියෙන් ප්‍රධාන මාර්ගයට ගමන් කළ හැකි බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.