FAST NEWS

24×7 Around the Globe

2017 ජනවාරී 01 වැනිදා සිට ශ්‍රී ලංකාවේ ලොතරැයි අලෙවිය නවතියි ?

ලොතරැයියක මිල රුපියල් 30 දක්වා වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත් කර නොගතහොත් ජනවාරි 1 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිත සංගමය පවසයි.

එසේම මේ සම්බන්ධයෙන් රජය නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් විරෝධතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තම සංගමය සූදානමින් සිටින බව එහි කැඳවුම්කරු පී.මුණිගොඩ මහතා අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.