FAST NEWS

24×7 Around the Globe

ජනවාරී 01 වැනිදා සිට ක්‍රියාත්මක වන වාහන ලිසිං ක්‍රමවේදය මෙන්න…

ලීසිං ක්‍රමයට වාහනයක් ගැනුම්කරුවෙකු පැවැරීමේදී මූල්‍ය ආයතනක් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය ලබන ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක කෙරෙන බව  මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

මෙම ක්‍රමවේදය 2017 වර්ෂයේ අයවැය නිර්දේශ වලට අනුව සකස් කර ඇති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

එ අනුව වාහනයක් මිලදී ගැනීමේදී වාහනයේ තක්සේරු වටිනාකමින් සියයට 70ක මුදලක් ලීසිං පහසුකම ලබාගැනීමට ගැනුම්කරුවෙකුට මේ වන විට අවස්ථාව හිමිව තිබේ.

එහෙත් නව ක්‍රමවේදය අනුව එක් එක් වාහන සඳහා ලබා දිය හැකි ලීසිං සීමාව වෙනස් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එ අනුව මෝටර් රථයක් සඳහා ජනවාරි පළමුවැනිදා සිට ලීසිං පහසුකම ලබාදිය හැක්කේ අදාළ රථයේ තක්සේරු වටිනාකමින් සියයට 50ක් වන අතර, ත්‍රීරෝද රථ සඳහා එය සීයයට 25 දක්වා අඩු කර ඇති බව සඳහන්.

එසේම පාවිච්චි කරන ලද ත්‍රීරෝද රථයක් සඳහා තක්සේරු වටිනාකමින් සියයට 70ක ලීසිං පහසුකමක් හිමී වේ.

යතුරු පැදි සඳහා ද සියයට 70ක ලීසිං පහසුකමක් ලබාදිය හැකි බව මුදල් අමාත්‍යංශය පවසයි.

බස් ඇතුළු මගී ප්‍රවාහන වාහන සඳහා ලීසිං පහසුකම තක්සේරු වටිනාකමින් සියයට 90 දක්වා ලබාදීමට මූල්‍ය සමාගම් වලට අවසර හිමිව තිබේ.