FAST NEWS

24×7 Around the Globe

රු.117 කින් හා 50 කින් කිරිපිටි මීල ඉහළ දැමීමට කළ යෝජනාව ඉවතට..

ආනයනික කිරිපිටි කිලෝවක හා ග්‍රැම් 400 යේ පැකට්ටුවක මීල ඉහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්‍ෂේප කළ බව එහි සභාපති හසිත තිලකරත්න මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේය.

එ අනුව කිලෝවක මිල රුපියල් 810 සිට රුපියල් 927ක් දක්වාත් රුපියල් 325ක්ව පවතින ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 375 දක්වා ඉහළ දැමීමටත් අදාළ සමාගම් යෝජනා කර තිබේ.

රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විශේෂ සහන ලබාදීමේදී කිරිපිටි සඳහා විශේෂ සහන ලබාදී තිබෙන බැවින් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බව සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

2016/07/14 දිනැති අංක 1975/68 නියෝග අංක 38 දරන ගැසට් පත්‍රයට අනුව ආනයනික කිරිපිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 810කි. ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 325ක් වන බව සඳහන්.