FAST NEWS

24×7 Around the Globe

උතුරු මැද ගිලන් රථ රියැදුරු වර්ජනයට සෙසු පාළාත් වලිනුත් සහාය..

උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ රියදුරන් විසින් පසුගිය 21 වැනිදා සිට සිදුකරන වැඩ වර්ජනයට සහයෝග පළකරමින් සෙසු පළාත්වල සෞඛ්‍ය සේවා ගිලන් රථ රියදුරන් ද  වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා ගිලන්රථ රියදුරු සේවාව දෙපාර්තමේන්තුගත සංවෘත සේවාවක් ලෙස ස්ථාපිත කරන ලෙස උතුරු මැද පළාත් සභාවේ බලධාරීන්ට බල කරමින් ගිලන් රථ රියදුරන් වැඩ වර්ජනයේ නිරතව සිටියි.

මීට අමතරව උතුරු මැද පළාත් කණිෂ්ඨ සෞඛ්‍ය සේවකයින් ද මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.