FAST NEWS

24×7 Around the Globe

දුම්රිය මැදිරි ශූද්ධ පවිත්‍ර කිරීමේ ටෙන්ඩර් කැඳවිමේදී මගඩියක්..?

මාළිගාවත්ත දුම්රිය අංගනයේ මැදිරි ශුද්ධ පවිත්‍ර කටයුතු සඳහා සිදුකළ ටෙන්ඩර කැඳවීමේදී අක්‍රමීකතාවයක් සිදුව ඇතැයි දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.

එ අනුව රුපියල් ලක්ෂ 30කට ඉදිරිපත් වූ ටෙන්ඩරය ඉවත දමා රුපියල් ලක්ෂ 93කට ඉදිරිපත් වූ ටෙන්ඩරයට අවස්ථාව ලබා දී ඇතැයි එම පෙරමුණ පවසයි.

එක් මාසයක් වෙනුවෙන් මෙම ටෙන්ඩර් මුදල ඉදිරිපත් වී තිබෙන බවත්, සමස්ත ටෙන්ඩර් කාලය මාස 24 ක් බවත් පැවසේ.

රුපියල් ලක්ෂ 93කට ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම මීට වසර තුනකට පෙර සිදුකළ ටෙන්ඩර් කැඳවීමේදී මෙම කටයුත්ත ලක්ෂ 18කට සිදු කිරීම සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ බවත්, එහෙත් එම ටෙන්ඩරය අවලංගු වී තිබේ.

එසේ තිබියදී කාගේ හෝ උවමනාවකට වැඩි මුදලට ඉදිරිපත් වූ ටෙන්ඩරයට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙන බවත්, මෙම තීරණයට අනුව වසර දෙකක් තුළ දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 2,232 ක මුදලක් අහිමි වන බව එම පෙරමුණ පෙන්වා දෙයි.

මේ පිළිබඳව වහාම සොයා බලන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවත්, එසේම මෙය ක්‍රියාත්මක කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කර  සිටියි.