FAST NEWS

24×7 Around the Globe

සජින් වාස් ගුණවර්ධන යළි රිමාන්ඩ්.

රජයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන (21) දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

අසනීපයෙන් පසුවන බැවින් ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මහේස්ත්‍රාත්ට දැන්වීය.