FAST NEWS

24×7 Around the Globe

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මධ්‍යමත් පරාදයි..

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාවේ ජන්ද විමසීමෙන්ද අද (28) පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

පනතට විපක්ෂව ඡන්ද 32ක් ලැබුණ අතර මන්ත්‍රීවරු 4 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව වාර්තා වේ.

ඡන්දය පවත්වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගොස් ඇති බවද පැවසේ.‍

ප්‍රතිපත්තියක් ලෙස අදාළ පනතට විරුද්ධ බවප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාද සභාව අමතමීන් සඳහන් කර තිබේ.

මීන් පෙර උතුර,දකුණූ,සබරගමුව,ඌව යන පාළාත් සභාවලදීද  මෙම පනත් කෙටුම්පත පරාජයට පත් වු අතර තවත් පළාත් සභා කිහිපයක ජන්ද වීමසිම සඳහා කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමීතය.