FAST NEWS

24×7 Around the Globe

ජනවාරි 20 වැනිදායින් පසු UN වෙනස් වනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ලබන ජනවාරි 20 වැනිදායින් පසු එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙනස්‌ වන බව ඇමරිකානු ජනපති ධුරයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

වර්තමානයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමාට ප්‍රශ්නයක්‌ ඇති බව ට්‍රම්ප් සිය ට්‌විටර් ගිණුම හරහා ප්‍රකාශ කර ඇත.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වර්තමානයේ සමාජ ශාලාවක්‌ බවට පත්ව ඇතැයි ද හෙතෙම කියයි.