FAST NEWS

24×7 Around the Globe

දඩ මුදල් සම්බන්ධව ජනපති පත් කළ කමීටුවේ කෙටුම්පත සකසා අවසන්..

රථ වාහන වැරදි සම්බන්ධව දඩ මුදල් නියම කිරීම පිළිබඳව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පත්කරන ලද විශේෂ විද්වත් කමීටුව ඊට අදාළ මූලික කෙටුම්පත සකස්‌ කොට අවසන් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන ජනවාරි මුල් සතියේ එම කමිටුව නැවතත් රැස්‌වී කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.

රථවාහන වැරදි තිහකට අධික ප්‍රමාණයක්‌ සම්බන්ධව අදාළ විද්වත් කමිටුව නිරීක්‍ෂණයට ලක්‌කළ අතර වාහන වැරැද්දක්‌ සඳහා රුපියල් 20 ක්‌ පමණක්‌ අයකරනු ලබන අවස්‌ථාවක්‌ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඒ සියල්ල සලකා බලා සහ දැනට රථ වාහන වැරදි සම්බන්ධව පවතින මෝටර් රථ ආඥ පනත සංශෝධනයට ලක්‌ කිරීම සඳහා නිර්දේශ නිකුත් කරන බව ද සෝමවීර මහතා වැඩිදුරටත් පැවසීය.