FAST NEWS

24×7 Around the Globe

කටුනායකදී විදේශ සේවා ලියාපංදිචි කටයුතු අත්හිටුවයි..

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ ලියාපදිංචි කටයුතු ජනවාරි මස 01 වැනිදා සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

කටුනායක ගුවන් තොටුපළ නවීකරණය කිරීමේ කටයුතු හේතුවෙන් මෙසේ කාර්යාංශයේ ලියාපදිංචි කටයුතු අත්හිටුවන බව විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය පවසයි.

විදේශ රැකියා සඳහා පිටත් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලියාපදිංචිය හෝ ලියාපදිංචිය අලුත් කර ගැනීම ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාල මගින් සිදුකරගත හැකි බව කාර්යාංශය සඳහන් කරයි.

ජනවාරි 01 වැනිදා සිට විදෙස්‌ගත වන ශ්‍රමිකයන් තම ළඟම කාර්යාලය මගින් ලියාපදිංචිය ලබාගෙන ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ද කාර්යාංශය වැඩිදුරටත් පවසයි.