FAST NEWS

24×7 Around the Globe

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 150ක ණයක්

හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වූ ආයෝජන වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ඇ.ඩො.මිලියන 150ක සහන ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මීට අදාළ ගිවිසුම් සඳහා අද (27දා) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.