මේ දිනවල වෙළඳපලේ මිල පහළ ගොස් ඇති ඇතැම් එළවලු වර්ගයන්හි මිල ඉදිරි සති සති දෙක තුනේ සිට ඉහළ යා හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති යු.ආර්.දයා නන්දසිරි මහතා ප්‍රකශ කරයි.
පසුගිය කාලයේ පැවති වියලි කාලගුණික තත්වයත් සමග ජල සම්පාදන ක්‍රම මගින් ගොවින් වැඩි වශයෙන් එළවලු හා අතිරේක බෝග වගාවන් කෙරෙහි උනන්දුවිම නිසා වෙළදපොලට වැඩි වශයෙන් එළවලු තොග ලැබීම නිසා මිල පහළ ගිය බවත් එම තත්වය මග හැරී මේ වනවිට එළවලු වගා අවසන්වීම නිසා වර්ග කීපයක් හැරුණු කොට බොහෝ එළවලු වර්ගයන් ලැබෙන තොග අඩුවීම හේතුවෙන් මිල අද (27)සිට ඉහළ යමින් පවතින බව සභාපතිවරයා කියයි.
ගෝවා,වම්බටු,මැකරල්,රාඹු,දඹළ,බණ්ඩක්කා,පතෝල යන එළවළු වර්ගයන් හි කිලෝවක තොග මිල අද දිනයේ රුපියල් 20-40 ක් අතර පරාසයක පවතින බවත් අනෙකුත් උඩරට හා රජරට ප්‍රදේශවල සියලුම එළවලු වර්ගයන් හි කිලෝවක තොග මිල රුපියල් 60-180 ත අතර පවතින බව පවසයි,
පසුගිය දිනවල මිල පහත වැටි තිබු අමු මිරිස්,තක්කාලි,බෝංචි,කරත,ලීක්ස් බිට්,වැටකොළු,නෝකෝල් ආදී එළවලු වර්ගයන්හි මිල ඉහළ ගොස් ඇති බවත් මුරුංගා හා මාළු මිරිස් සදහා රුපියල් 150-200 ත් අතර මිලක් වාර්තා වූ බවද හෙතෙම පැවසිය.