FAST NEWS

24×7 Around the Globe

ලංකා විදුලි බල මණ්ඩලයේ බිල්පත් නිළධාරීන්ගේ සංගමය වීදි බසිති..

සියලුම මෑන් පවර් සේවකයින් ලංකා විදුලි බල මණ්ඩලයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින් ලංකා විදුලි බල මණ්ඩලයේ  බිල්පත් නිළධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද(27) පැවැත්විණි.

දින 180 සම්පුර්ණ කළ සියලු අයපත් කරුවන් වහාම ස්ථීර කරන ලෙසත් , දෛනික බිල් ප්‍රමාණය සම්බන්ධව සාමාන්‍යධිකාරී විසින් ඉදිරිපත් කැරුණු චක්‍රලේඛය සෑම ප්‍රාදේශීය කාර්යාලයකම ක්‍රියාත්මක කරන ලෙසත් ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ .