FAST NEWS

24×7 Around the Globe

ජනපති සහ එජාප එකඟතාව පැවතියේ දින සීයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාව පැවතියේ දින සියයේ වැඩපිළිවෙළ සඳහා පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ටි.වී.දෙරණ ඔස්සේ ඊයේ(06) රාත්‍රී විකාශය වු 360 කාලීන දේශපාලන වැඩසටහන සමග එක්වෙමින්ඒ මහතා මෙම අදහස් පළ කළේය.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට දින සියයේ වැඩපිළිවෙළින් පසු වෙනත් කිසිදු කණ්ඩායමක් සමඟ එකඟතාවක් නොමැති බවයි.